බීමතින් රිය පදවා 50,000ක් දඩකයි


(ටෝනි කරුණානායක)

ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුට රුපියල් 50,000 ක දඩ මුදලක් ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය.

එම දඩ මුදලට අමතරව මාස 03 ක සිරදඬුවම් නියම  කළ  අධිකරණය එම සිරදඬුවම වසර 5කට අත් හිටවන ලෙසට නියම කළේය

මල්වතුහිරිපිටිය පොලිසියේ රථ වාහන අශංය මගින් නඩුව පවරා තිබිණි.