(චන්දන ප්‍රනාන්දු )
බීමතින් අධික වේගයෙන් යතුරුපැදියක පැමිණි කාන්තාවක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කතකි.
යතුරුපැදිය නැවැත්වීමට සංඥා කලත් එය නොනවත්වා ධාවනය කිරිම නිසා ලුහුබැඳ ගොස් නවත්වා පරික්ෂා කිරිමේදී යතුරුපැදිකරු කාන්තාවක් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව හා යතුරුපැදිය පොලිස් බාරයට ගෙනවිත් කාන්තා පොලිස් නිළධාරින් ලවා පරික්ෂා කිරිමේදී බීමතින් සිට ඇති බව හෙළි වු බව පොලිසිය කියයි.

