(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා අද (11) ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හරිස්චන්ද්‍ර පැල්පොල මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ පිළියන්දල පදිංචි ඉන්දික සුදත් ,පාදූක්ක පදිංචි ශාන්ත ලලිත් නැමැත්තන්ය.
පාසල් වෑන් රථ රියදුරන් මත්පැන් පානය කර සිටින බවට කොහුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මොවුන් ඊයේ ( 10) අත්අඩංගුවට ගැණිනි.
එහි එක් වෑන් රථයක සිසුවියන් 12 දෙනෙකු පමණ සිටි බවත් අනෙක් වෑන් රථයේ සිසුවියන් 10 දෙනෙකු පමණ සිටි බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

