(සිරාජ් හසීම්)
යාපනය නගරයේ ප්‍රසිද්ධ හෝටලයක බීමතින් ගැටුම් ඇතිකරගත් බව කියන යාපනය කොට්ඨාසයේ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පෙරේදා (14) රාත්‍රී 10ට පමණ පොලිස් පරීක්ෂකවරයා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙන් වෙන්ව මත්පැන් පානය කර ඇති අතර මෙහිදී වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් ඇති වී තිබේ.
එම පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

