බීමත්ව මගීන් 60ක් සමඟ බසයක් ධාවනය කරලා


 (යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද අහංගම සුමතිපාල දියගහගේ)

 පොලිස් අණ නොතකා පුද්ගලික බසයක් ධාවනය කළ බස් රථ රියදුරකු අද (02)   ගාල්ල පොලිසියේ රථවාහන අංශය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

රියැදුරාගෙන් මුඛයෙන් මත් වතුර ගද වාහනය වීම නිසා ඔහු වෛද්‍ය පරික්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුද්ගලික බස් රථය කොළඹ සිට තංගල්ල බලා ධාවනය වන බස් රථයකි. 

සමුද්‍ර මාවතේ සිටි ගාල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු මෙම බස්රථය නතර කරණ ලෙස සංඥාකොට කළ ද නතර කර ධාවනය කර ඇත.  

මෙම අවස්ථාවේ බසයේ මගින් 60ක්පමණ සිට ඇති අතර මගින්ද භිතියට පත්කරමින් අධික වේගයෙන් බස් රථය ධාවනය කොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.