බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණයට යොදා ගන්නා බැලුනය නවීකරණය කර ඇතැයි පොලීසිය පවසයි.
මීට පෙර භාවිතයට ගැනුණු බැලුනය ඇල්කොලයිසර බටයෙන් පුම්බා පරික්ෂණ කෙරිණි. නව බැලුනය සාමාන්‍ය පරිදි සැකකරුට පිම්බීමට දීමෙන් පසු අල්කොලයිසර් බටය බැලුනයට සවිකොට වාතය යැවීමෙන් පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
පරණ බැලුනය භාවිතයේදී බීමත් රියදුරන් පරික්ෂා කිරීමෙන් අනතුරුව බැලුනය ලාකඩ තබා සීල් කළ යුතු වුවත් නවීකරණය වු බැලුනයේ එවැනි ක්‍රියාවලියක් සිදු කළ යුතු නැති බව පොලිසිය කියයි.
නව බැලුනය සහ ඇල්කොලයිසර් බටය වෙන් වෙන්ව ඇති නිසාත් භාවිතයෙන් පසු නිරායාසයෙන් සීල් වීම නිසාත් වැඩි පහසුවක් සැලසී ඇතැයිද සඳහන් කරන පොලීසිය නව බැලුනයට අනුක්‍රමික අංකද ඇති බවත් එක් සැකකරුවකුට එක් බැලුනය බැගින් භාවිතයට ගැනෙන බවත් සඳහන් කරයි.



