බීට්ටු වන නිලධාරියා අල්ලස් දැලේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කළ ලී තොගයක් මුදා හැරිමට රුපියල් 20,000 ක අල්ලස් ගත් මහකුඹුක්කඩවල බිට්ටු වන නිළධාරියා අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් ආඩිගම බුද්ධිගම ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම දිසා වන කාර්යාලයට අයත්  මහකුඹුක්කඩවල බිට්ටු වන නිළධාරියා බව කියයි.

ආඩිගම ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යනු ලබන ලී මඩුවකට කැන්ටර් වර්ගයේ ලොරියකින්  ලී තොගයක් කිසිදු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබියදී දින ගණනාවකට පෙර මෙම බිට්ටු වන නිළධාරියා අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.

කෙසේ නමුත් එහිදි බලපත්‍ර නොමැතිව ලී ප්‍රවාහනය කළ ලොරි රථයේ බලපත්‍ර බිට්ටු වන නිළධාරියා භාරයේ රදවා ගෙන ලී තොගය හා ලොරිය මුදා හැර  තිබේ.

පසුව මෙම බලපත්‍ර නොමැති ලී මඩුවේ හිමිකරුට බිට්ටු වන කාර්යාලයට පැමි‍ණෙන ලෙසට දන්වා තිබුනද තමන් නිරෝධායනය වන බවට පවසමින් බිට්ටු වන කාර්යාලයට පැමින නැති බව කියයි.

කෙසේ වෙතත් අදාල කටයුතු සදහා තම නිවසට පැමිණෙන ලෙසට බලපත්‍ර නොමැති ලී මෝල් හිමිකරු දැන්විමේන් පසු බිට්ටු වන නිළධාරියා එහි ගොස් සිටියදී මෙම සිද්දිය සමතයකට පත් කිරීමට රුපියල් 20000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අල්ලස් විමර්ශන නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.

අත් අඩංගුවට ගත් බිට්ටු වන නිළධාරියා 13 දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.