බීජ කළමනාකරුගේ සිරුර වැවේ


නුවරඑළියේ මිපිලිමාන රජයේ බීජ අර්තාපල් ගොවිපළේ කළමනාකරුගේ (44) සිරුර ගොවිපළේ ජලාශයක් හිස්කර සොයාගත් බව පොලිසිය පවසයි. බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00ට පමණ සිය නිල නිවසින් පිටතට ගිය කළමනාකරු ආපසු නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලද්දී ඔහුගේ සීත ඇඳුම් හා සෙරෙප්පු ගොවිපළේ ජලාශයක් අසළ තිබෙනු දැක සේවකයන් විසින් පොලිසියට දැනුම් දී තිබිණි. පොලිසිය පැමිණ ගොවිපළේ සේවකයන්ගේ සහය ඇතිව ජලාශය හිස්කරද්දී කළමණාකරුගේ සිරුර එහි තිබී සොයා ගැණිනි. කළමනාකරු කුලියාපිටියේ පදිංචි තිදරු පියෙකි.

NE Manager (1) NE Manager (2) NE Manager (3) NE Manager (4) NE Manager (5)