බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා  බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පිටකොටුව  පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ සොරාගෙන තිබූ බීලූණු තොගයෙන් කිලෝ 970 ක් පිටකොටුව සහ අවට වෙළඳසැල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයන් , නාට්ටාමිවරුන් ද වන බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 24 වෙනි දින පිටකොටුව 5 වන හරස් වීදිය  තොග වෙළඳ සැලකට බහලුමක් සවිකල ලොරියකින් රැගෙන ආ බීලූනු තොගයෙන් අඩක් තොග වෙළඳ සැලේ ගබඩාකර ඉතුරු තොගය මාබෝල ප්‍රදේශයේ ගබඩාවට රැගෙන යන ලෙස  හිමිකරු දැනුම් දීමෙන් අනතුරුව ලොරියේ සහායකයා සහ රියදුරු එම බී ලූනු තොගයෙන් කිලෝ 2565 ක් මා බෝල කරා යන අතරවාරයේදී  විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට කොළඹ 8 බේස් ලයින්මාවත , සහස් පුර පදිංචි වෙළඳ සහායක යෙකු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

.