බි‍්‍රතාන්‍ය ජාතිකයා ඝාතනය
තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයකදී පිහිවලින් කපා කොටා වෙඩි තබා බි‍්‍රතාන්‍ය ජාතික ඉසෙඞ් ෂයිෆ් (32) ඝාතනය කිරිම සම්බන්ධයෙන් 28 වැනිදා පොලිසියට බාර වූ සැකකරුවන් තිදෙනකු ප‍්‍රකාශ සටහන් කර මුදා හළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මේ තිදෙනා ඝාතනයට සෘජුව සම්බන්ධ වී නැති බව පරීක්ෂණවලදී තහවුරු වී යැයි තංගල්ල පොලිස් අධිකාරි සී.ඊ. වෙදිසිංහ මහතා පවසයි.
මෙම ඝාතනය සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ සහ ඔහුගේ පෞද්ගලික ලේකම් තලගම ප‍්‍රගීත් චතුරංග ඇතුළු පස්දෙනෙක් රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටිති.

