(රංජන් කස්තුරි)
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍ය ෂාෆි මහතා අලුත උපන් බිළිඳකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට උත්සාහ කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කුරූණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවකගේ ඇඳ ඉහපතක නම වෙනස් කර ඇගේ බිළිඳා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට වෛද්‍ය ෂාෆි මහතා උත්සාහ ගත් බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

