කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරේ නිවසක ගේ මැද වළක් හාරා පස් මාසයක් වයසැති පිරිමි දරුවකු බිලි දී නිදානයක් ගන්නට ගිය බව කියන හිමි නමක ඇතුළු අට දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
දරුවාගේ මව බව කියන කතකද ඒ අතර සිටින බවත් ගෙය හිමි තැපැල් සේවකයෙක්ද ඒ අතර වෙතියි පොලීසිය පවසයි.
හිමිනම පැමිණ ඇත්තේ මන්තර කිම සඳහා යැයි පොලීසිය සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ මෙම ස්ථානයේ පුදපුජා පැවැති බවද කියති.
දරුවාගේ ජීවිතය බේරාගත් බවද පොලීසිය කියයි.





