මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින් ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
මහනුවර යුගයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බිසව සිටි කාමරයක හා යාබද බිත්තිවලින් මේ සිතුවම් මතු වී තිබේ.
බිතුසිතුවම් අයිති කාල වකවානු හෝ නිශ්චිත යමක් කීමට නොහැකි බව මහාචාර්ය බී ඩී නන්දසේන කියයි.
එකම අච්චුවකින් සටහන් කළ මල් පෙළට තබා ඇති බව සංරක්ෂකයෙක් කියයි.

