ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙමින් ලංකාවේ සිදුව ඇති පරිවර්තනය ගැන මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද (02) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවාය.
එවැනි පරිවර්තනයක් ශ්‍රී ලංකාවේ සිදුව ඇති මොහොතක දී එන්නට හැකි වීම ගැන සතුටට පත්වන බව ද ඇය කීවාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ නව රජයේ දින 100ක වැඩ පිළිවෙළේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කර තිබෙන බව ඇගේ අදහස විය.
ඇය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූවාය.

