ලබන බදාදා බිලි පූජාවක් පවත්වා අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ රන් නිධානයක් ගැනීමට අංජනම් බලමින් සිටි සිව් දෙනෙක් මතුගම අතිරේක මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
රත්නපුර ගල්ලෑල්ලේ අනුශ්ක ක්‍රිෂාන් කන්දසාමි ශෂිකුමාර් (යකදුරා), බලන්ගොඩ නාරායන සාමි කුලදීපන් හා ඉත්තෑපානේ පී ජී පියදාස එම සිව් දෙනාය.
හඳුන්කූරු, මැටියෙන් ඇඹූ මහා සෝනෙක් , කුකුළකු, අංජනමක්, හඳුන්කූරු සුවඳදුම් හා නිධන් හෑරීමේ උපකරණ පොලිසියට ගෙන ආ බව අධිකරණයේ දී සඳහන් විය.

