බිලි පූජාව සොහොන් කෝවිලේ


හලාවත මුන්නේස්වරන් භද්‍රකාලී කෝවිලේ බිලි පූජා අධිකරණයෙන් තහනම් කළත් ඊට නොදුරින් වූ සොහොන් කාලි දේවාලයේ කළු ආවණයක් ඇතුළත එළුවන් අට දෙනකු ද කුකුළන් සමූහයක් ද බෙලි කපා බිලි පූජාව පැවැත්විණි. මුන්නේස්වරන් කෝවිලේ බිලි පූජාවට රැගෙන ආ එළුවන් හා කුකුළන් අත් ට‍්‍රැක්ටරවල පටවා පොලිසියට බාර දුන් බව ඇමැති මර්වින් සිල්වා කියයි. බිලි පූජා පැවැත්වීමට ඉඩ නොදෙන බව ඔහු පවසයි. අයිතිකරුවන්ට එම සතුන් බාර දීමට නියමිතය.