බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රෝහලට අද නියෝග කළේය.
මිය ගිය දළුවත්ත පටබැඳිගේ තිලක් දළුවත්තගේ දේහය මුදා හැරීමට රුපියල් 14 ලක්ෂයකට මදක් වැඩි මුදලක් රෝහලෙන් ඉල්ලා ඇති බවත් අධිකරණයේ දී සඳහන් විය.
කෙනකුගේ මිනියක් අනවසරයෙන් රඳවා ගැනීමට කිසිවකුටත් බලයක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
රුපියල් පන් ලක්ෂයකට හෘද සැත්කම කරන බව කියා මිය ගිය පුද්ගලයා රෝහලට ඇතුළු කළ බවත්, මුලින් තුන් ලක්ෂයක් ගෙවූ පසු සැත්කම කළ බවත්, සැත්කමින් පසු අසාධ්‍ය වූ නිසා රෝගියා කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලුවත් තවත් රුපියල් 16 ලක්ෂයක් පමණ ඉල්ලූ බවත්, පසුව ඔහු මිය ගිය පසු දේහය නුදුන් බවත් මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

