බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්   පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ ගෑන්ඩ්පාස් ස්ටේටිපුර  පදිංචිව සිටි  ඒ එච් කේ විමලාවතී  නැමති 65 හැවිරිදි  දෙදරු මවකි.

සැකකරු එම කාන්තාවගේ දෙවැනි විවාහයේ සැමියාය.ඝාතනයට ලක් වූ කාන්තාව එක් දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේම දෙමහල්නිවසක ජීවත් වන අතර උඩුමහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කරන බව පොලිසියකියයි.

කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි  තරුණයකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වියැයි මෙම ඝාතනයට මූලික හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.