බිරිය මැරුවාට සැමියා පෝරකයට


 

(සනත් ගමගේ)

සිය බිරිඳට පොල්ලකින් ගසා බිරිඳ මැරූ ස්වාමිපුරුෂයෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද (11)  මරණ දඩුවම නියම  කෙරිණි.

2006 වසරේ බෙලිඅත්ත  නිවසේ දි සිය බිරිඳට පහරදිමක් සම්බන්දයෙන් තංගල්ල මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින්  බෙලිඅත්ත   ප්‍රදීප් කුමාර (41) යන අයට තංගල්ල මහාධිකරන විනිසුරු උදේශ් රණතුංග මහතා අද  (11) මෙම මරණ දඩුවම නියම කලේය.

රණසිංහ ආරච්චිගේ දිනූෂා ලක්මාලි යන අයගේ හිසට පොල් ගෙඩියක් වැටී අනතුරක් සිදු වු බව පවසා සිය බිරිඳ රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදි සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකල පොලිසිය සැකකාර ස්වාමි පුරුෂයා පොල්ලකින් පහර දි ඇති බවට සාක්ෂි සහිතව සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණි.