(ඉන්දිකා රාමනායක)
සිය බිරිඳට පහරදී ඝාතනය කර ඇගේ මළ සිරුර වෑන් රථයකින් රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට විසිකළ බව කියන සැමියා ආගර පතන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආගරෙපතන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි .
ඇගේ මළ සිරුර කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී ඉකුත් 25 වන දින පොලීසිය සොයා ගත්තේය.
පවුල් ආරවුලක් හේතුවෙන් තිස් හැවිරිදි සැමියා ඇයට පහර දී ඝාතනය කර සිරුර වෑන් රථයක දමා ගෙන විත් ඉහළ කොත්මලේ ජලාශය විසි කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.

