සිගිරිය දිගම්පතහදී ත්‍රිරෝද රියක් හා ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ සැමියකු (28) මිය ගොස් බිරිය බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
වසර දෙකක් විදේශ ගතවී සිටි සිය බිරිය නිවසට කැඳවාගෙන ඒම සඳහා කටුනායකට ගුවන් තොටුපළට ගොස් එද්දී මේ අනතුර සිදු විණි.

