
( ටී.කේ.ජී.කපිල )
තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැගවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 10/31 දින දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වන් වලදී සහ සිදු කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා දරුවා , මෙම පියාගේ වුද සැබැ බිරිය නොවන බවට හෙලිවී තිබේ.
මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ , එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව , ව්‍යාජ ලෙස සකස් කර , එය තබා ගෙන තිබේ .
එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර , මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ .

