(අනීෂා මානගේ)
තම බිරිදට පොරොවකින් පහරදී ඇය ඝාතනය කලේයැයි සැකකරනු ලබන පුද්ගලයෙකු අද(24) දහවල් පොලිස් විශේෂ කාර්යය බලකායේ තංගල්ල කදවුරේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ගලගම නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. පසුගිය 21දින නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා සැමියා විසින් බිරිදට අත්පොරෝ පහර කිහිපයක් එල්ල කර ඝාතනයට ලක් කර තිබිණි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තංගල්ල අලුත්වැවමුලන ඉහගහවත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකා තංගල්ල කදවුරේ බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාර දී තිබේ.