වත්තල, මහබාගේ ප්‍රදේශයේදී 2004 වසරේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් බියගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි සුරේෂ් ගුණසේන සහ එයට අනුබල දුන් තවත් අයකුට මරණ දඬුවම ලබාදීමට මීගමුව මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඩ්.එම්.රෂීන් මහත්මිය සඳුදා නියෝග කළාය.
වරාගොඩ මුදලිගේ ජෙරාඩ් මර්වින් පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙය විශේෂ නඩුවක් ලෙස විභාගයට ගැනිණි.

