රොමේෂ් මධුෂංඛ
මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති අතර බිම්බෝම්බ ඉවත් කිරීමේදී හමුවු බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරින් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරුණයකු ජිවිතක්ෂයට පත්ව ඇති බවටත් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි ආර්.නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයකු බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

