බිම් බෝම්බ ඉවත් කරන්න මිලියන 108ක්


 

 

ජපන් රජය විසින්  ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහෙයුම සඳහා එම රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ  ඇමරිකන් ඩොලර් 811,311 ක් (රුපියල් මිලියන 108 කට ආසන්න) ආධාර මුදලක් ලබාදීමට තිරණය කර ඇත.

ආධාර ගිවිසුමට අද (13)  කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දි ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා හා ද හේලෝ ටිරස්ටිහි වැඩසටහන් කළමණාකාර ඩෙමියන් ඕබ්‍රියන් මහතා අත්සන් තැබිණි.

ද හේලෝ ටිරස්ට් විසින් ක්‍රියාත්මක කළ උතුරු ශ්‍රි  ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂිය මෙහෙවර  සඳහා  වු ව්‍යාපෘතිය මඟින් උතුරේ ජනතාවට  නැවත පැමිණ තම ජිවිකාවන් ආරම්භ කිරිම සඳහා  ශ්‍රි  ලංකා  රජය මගින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ වලින් තොර  ආරක්ෂිත ප්‍රදේශයක් ඇති කිරිම මුලික පරමාර්ථය වේ.

දැනටමත් හේලෝ බිම්බෝම්බ නිෂ්ක්‍රීයකරුවන් විසින් බිම්බෝම්බ 12000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර  ඇති අතර එම ප්‍රදේශ වල ජනතාව ජිවත් වන බව ඕබ්‍රියන් මහතා කීවේය.

_DSC0206 _DSC0221 _DSC0222 _DSC0229 _DSC0247 01