
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පකිස්ථානයේ පැවැත්වෙන කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි දී මෙම සමුළුව පැවැත්විණි.
බිමල් රත්නායක මහතා කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා පකිස්ථානයට පැමිණියේ චීනයේ නිල සංචාරයෙන් අනතුරුවයි.

																	
																	
																	
																	
																	
																	