බිබිලේ පවුල් 52ක් තාවකාලිකව ඉවතට


තරිඳු ජයවර්ධන
 
නාය යෑමේ අවදානමක් නිසා බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා ඇතැයි අපදා කළමනාකර මධ්‍යස්ථානය කියයි.

 
එම පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසයි.
 
මේ ගැන කළ විමසීමක දී අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නාය යෑමේ අවදානමක් ගැන ලැබුණු තොරතුරකින් පසු පැය කිහිපයකට තාවකාලිකව පවුල් ඉවත් කර ඇති බවයි.