බිඳවැටුණු ආර්ථිකය අතහැර පළාගිය අය දැන් ආර්ථීකය දියුණූ කරන්න හදනවා - අගමැති


 

(අංජුල මහීක වීරරත්න)

එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අතහැර පළා ගිය අය අද ආර්ථිකය දියුණූ කරන්නේ කෙසේ දැයි අපෙන් විමසීම පුදුමයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී අද (17) පැවසීය.

තමන්ට හැකියාව තිබු අවස්ථාවේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු නොකළා නම් දැන් විවේචනය කිරිමෙන් ඵලක් නැති බවද අග්‍රාමාත්‍යවරයා කීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ හෙද දින උත්සවයේ දීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් මෙහෙවරක් කළ සිව් දෙනෙක් සඳහා හෙද උන්තමාභීමානී සම්මාන පිරිනැමිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,මහාචාර්ය ආශු මාරසිංහ,හෙද අධ්‍යක්ෂිකා ආර්.එල්.එස්.රාජපක්ෂ,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්ම මහත්මීහු මෙහිදී සම්මාන ලැබුහ.

ඡායාරූප - ගයාන් ලසන්ත අමරසේකර