බිත්තියට යට වී එක්දරු මව මරුට:සිඟිත්තිය- පියා රෝහලේ


(චාපා මදුභාෂණි සහ නිමල් ජයරත්න)

හිගුරක්ගොඩ නෙල්ලිපාර නිවසක බිත්තියක් කඩා වැටී එයට යට වූ  23 හැවිරිදි එක්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

 මෙලෙස මියගොස් ඇත්තේ රසිකා චමෝදනී  නැමැති එක්දරු මවකි.

තවත් දෙදෙනකු තුවාල ලබා  පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතයිද පොලීසිය කියයි. අවුරුද්දක් වයසැති දියණිය සහ සැමියා මෙලෙස රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

අධික වැසි සහිත කාලගුණයත් සමඟ කටුමැටි නිසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙලෙස මණයට පත්ව ඇත.