බිත්තියක් කඩා වැටී සෙබළෙකු මිය ගොස් තවත් 3කට තුවාල


(ඉන්දිකා රාමනායක)

මුලතිව් මුල්ලියාවේලි  59 වැනි සේනාංක කඳවුරේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩා වැටීමෙන් හමුදා සෙබළකු මිය ගොස් තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මුලතිවි පොලිසිය පවසයි. 

මෙලෙස මියගොස් ඇත්තේ 59 වන සේනාංකයට අයත් කුරුණෑගල පදිංචි සඳරුවන් කුමාරසිරි (24) නමැති හමුදා සෙබලා බව පොලිසිය සඳහන් කරයි. 

මෙම හමුදා සෙබලා තවත් සෙබළුන් තිදෙනෙකු සමග ඊයේ (3) දර එකතු කිරීම සඳහා කඳවුරේ අතහැර දමා ඇති ඉහත ගොඩනැගිල්ල වෙත ගොස් සිටියදී එහි බිත්තියක් සෙබළුන් මතට කඩා වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

සිද්ධියෙන් තුවාල ලැබූ සෙබලුළුන් සිව් දෙනා මාංචෝලේ. රෝහලට ඇතුළත් කිරීමේදී ඉහත සෙබලා මියගොස් ඇත.  සෙසු තිදෙනා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවෙති.