බිත්තර වී ගන්න ත්‍රිමලේ සල්ලි බෙදයි


බිත්තර වී මිල දී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීනට අක්කරයට රුපියල් 2800 බැගින් ගෙවන බව ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී පී ආර් ද සිල්වා කියයි.

මේ දිනවල ගොවීහු මෙම මුදල් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පෙළ ගැසී සිටිති.

දිස්ත්‍රික්කයේ දැනටම රුපියල් දස කෝටියක් දී ඇතැයි දිසාපති පවසයි.