රංජන් කස්තුරි
බිත්තර ආනයනය කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
දේශීය අවශ්‍යතාවයට වඩා ඉක්ම වු බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළඳපළ තුළ තිබෙන බැවින් දේශිය බිත්තර ගොවීන් ආරක්ෂා කිරිමේ අරමුණින් එම තහනම පැනවු බවද පී හැරිසන් මහතා කීය.
ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තර ආනයනයට අවසර නොදෙන බවද ඇමැතිවරයා පැවසීය.