(උපාලි රණවීර)
මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය.
නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව මෙකී චෝදනාව සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කොට තිබෙන බව පැවසු මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයෙන් නොතීසි ලද විට එම අධිකරණයෙන් පෙනී සිටින ලෙස ද ඔවුන්ට නියෝග කළාය.

