බැසිල්ට කැප්පෙටිපොළ හමුවේ


ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය  කොළඹ ජාතික කලා ගාරයේදී   ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද විවෘත කළේය.

කලා කරුවන් හා  ජාතික වීරයින් 14 දෙනකුගේ ජීවමාන ඉටි රූප එහි ප්‍රදර්ශනය කෙරේ.

අතුල හේරත් හා මහීම හේරත් යන පිය පුතු දෙදෙනා  මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණ ශිල්පියෝය.

මාලනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙණිය,ඩබ්ලිව් ඩී අමරදේව,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,මහේන්ද්‍ර පෙරේරා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා,මහාචාර්ය සුනිල් ආරියරත්න,බෘස් ලී,චේ ගුවේරා,ශ්‍රී වික්‍රම රාජසිංහ,ඇහැළේපොළ කුමාරි හාමී,මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේගේ රැව ඒ ඉටි රූපයන් හි අඹා ඇත.