(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණ සමය ආසන්නයේදී රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වැය කරමින් සෙවිලි තහඩු බෙදා දුන් බවට චෝදනා කරමින් හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පරා ඇති නඩුව ලබන නොවැමබර් මස 01 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා තීරණය කළේය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී වෛද්‍ය නිහාල් ජයතිලක මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර නොවැම්බර් මස දින තුනක් තුළ මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරුවරයා නඩුවේ 4 සහ 21 වැනි සාක්කි කරුවන්ට අධිකරණයේදී පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය.