(තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරු නියෝගය ලබන සැප්තැම්බර් 11 වැනි දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.
අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනි වික‍්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව මෙම පෙත්සම සළකා බැලීම ලබන සැප්තැම්බර් 10 වැනි දාට කල් තැබිණි.