බැසිල්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම අද කැඳවෙයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම අද(27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවේ.

ඒ අනුව ලංකා බැංකු සේවක සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරෙයකු වූ කෝට්ටේගොඩ විතාන ගොනුකළ පෙත්සම අද( 27) පෙරවරු 10.00ට අගවිනිසුරු ජයන්ත ජයසූරිය , කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමනවිත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර සිටිති.