(මනොප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට කෝටි 3 1/2කට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජනවාරී 25 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (27) නියම කළේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා නඩුව කල් තැබීමට නියම කළේය.
ජනාධිපතිවරණය ආසන්න සමයේ 2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ දී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.
රාජපක්‍ෂ මහතාට අමතරව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ද චෝදනා ලැබ සිටියි.

