හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කඩුවෙල උසාවියේ ඇති නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටින බැවින් ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ පවරා තිබූ රුපියල් මිලියන 29ක් අවභාවිත කළ බවට වන නඩුවට අද(22) පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඒ අනුව නඩු විභාගය දෙසැම්බර් 6 වැනිදාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය නියෝග කළාය.
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් අවභාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ලිත් මුද්‍රණය කළැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
එම නඩුවට අදාළව දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකද රිමාන්ඩ් භාරයේ සිටින බැවින් අද උසාවියේ පෙනී සිටීමට නොහැකි බව නීතිඥවරුන් මගින් දැනුම් දුන්නේය.