බැසිල්ගේ ජිඅයි බට නඩුව හෝමාගම මහාධිකරණයට


 

 

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහිව පවරා ඇති නඩුවේ අධිකරණ බලය වෙනස්වීම හේතුවෙන් හෝමාගම මහාධිකරණයට මාරු කිරීම පිළිබඳව සළකා බලන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතාට අද (9) දැනුම් දුන්නේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අධිකරණ බලය වෙනස්වීම හේතුවෙන් මෙම නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 10 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ‍්‍රවින්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.