ජනාධිපතිවරණයෙන් පසු රටින් බැහැරව ගිය හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.
ඇමරිකා පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ පසුගිය ජනවාරි 11 වැනිදා අළුයම සිය බිරිඳ පුෂ්පා රාපක්ෂ සමග රටින් පිටව ගියේය. ඔහු ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ වාසය කරයි.
ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචා චෝදනා ඇතැයි ඇමති මන්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ‘‘ෂිංහුආ‘‘ චීන ප්‍රවෘත්ති සේවය සමගද පවසා ඇත.
බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සමග එක් වී බරපතල ලෙස මොහු මුදල් වංචා කර ඇතැයි එම පැමිණිලි වලින් සඳහන් වෙතියි සේනාරත්න මහතා පවසා ඇත.

