හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒෂියන් මිරර් වෙබ් අඩවිය සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයට තරඟ නොකරනමුත් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් වල ප්‍රධාන භූමිකාවක් දරනු ඇති බවය.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාට සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය දෙන්නැයි බල කරමින් රැස්වීම් පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන බවද මාධ්‍ය වාර්තා පවසයි.

