රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද එම රෝහලෙන් පිටව ගියේය.
මීට ටික වේලාවකට පෙර ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ බවත්, ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි කියයි.
ජනාධිපතිවරණය අවසන් වීමත් සමග රටින් පිටවූ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් මාසයේ ලංකාවට ආවේය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඔහු මාස එක හමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ පසු විය.

