හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මාධ්‍යවේදීනට උසාවිය ඇතුළට යාම තහනම් කළේය. ගේට්ටුවෙන් ඇතුළට ඔවුනට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත. ඔහු මේ ක්‍රියාව කළේ උසාවියේ අනුදැනුමකින් තොරව තනිමතයට යැයි මාධ්‍යවේදීහු කියති. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.
දේශපාලනඥයන් උසාවියට පැමිණිය ද මාධ්‍යවේදීනට එහි ඇතුළුවීමට අවසර නොදෙන ලෙස උසාවිය නියෝග කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.
බැසිල් රාජපක්ෂ අද පස්වරු 3ට පමණ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවේ නඩුව විභාග කිරීමට නියමිතය.
බැසිල් මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් විය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන ඔහු මීට පෙර දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටියේය.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්

![20160512_145748(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1457480_resized1.png)
![20160512_145748_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145748_resized1.png)
![20160512_145747(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1457470_resized1.png)
![20160512_145854_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145854_resized1.png)
![20160512_145920_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145920_resized1.png)
![20160512_145928_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145928_resized1.png)
![20160512_151715_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_151715_resized1.png)
![20160512_145749_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145749_resized1.png)
![20160512_144123_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144123_resized1.png)
![20160512_144125_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144125_resized1.png)
![20160512_144127_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144127_resized1.png)

![20160512_160925(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1609250_resized1.png)
![20160512_161143_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_161143_resized1.png)
