බැලේ ගුරුවරිය ලංකාවේ


2015 වර්ෂ අවසාන පරීක්ෂණයට සහභාගිවීමට කොළඹ රුසියා බැලේ හා නර්තන පාසලේ සිසුන්ගේ කුසලතා අධීක්ෂණය කිරීම සඳහා රුසියා බැලේ ගුරුවරියක මෙන්ම නර්තන නිර්මාණ ශිල්පිනියක ද වන ඔක්සානා කාර්නොවිච් සිකුරාදා (16) මෙරටට පැමිණෙන බව කොළඹ රුසියා මධ්‍යස්ථානය පවසයි.

ඔක්සානා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් රුසියා බැලේ සහ නර්තන පාසලේ සිසුවියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා වන වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඔක්සානා  ලබන 24 තෙක් මෙරට රැඳි සිටිනු ඇත.

1972 වසරේ උපත ලැබූ ඔක්සානා, සුප‍්‍රසිද්ධ අල්මා ආටා බැලේ පාසලට ඇතුළත් වූයේ 1982 දීය. ඇය බැලේ නර්තන ශිල්පිනියක වන තමාරා කොසෝවාගේ ශිෂ්‍යාවකි. 1986 දී වැඩි දුර බැලේ නර්තනය ප‍්‍රගුණ කිරීමට නොවෙසිබි‍්‍රස්ක් බැලේ පාසල සමඟ එක් වූවාය. ඒ අනුව, අසමසම බැලේ නර්තන ශිල්පිනියක ලෙස සැළකෙන ඇලීසියා නිකිෆොරෝවා යටතේ බැලේ නර්තනය ඉගෙනිමට ඔක්සානාට අවස්ථාව උදා විය.

 

simg_584922 simg_151025

Zelandia_207[1]