බැලූ බැල්මට


  • හෙරොයින් ග්‍රෑම් 20ක් සමග ඌරගස්මංහන්දියේ ලෑලිහේත්තුවේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • ගල්කිස්ස බොරුපන පාරේ ලොරියක් හා ත්‍රී රෝද රියක් එකිනෙක ගැටීමෙන් 64 හැවිරිදි අයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
  • වෑන් රථයකින් ගෙන යමින් තිබූ ඇත් දළ දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි පුත්තල පොලිසිය කියයි.
  • සපුගස්කන්දේ දී යතුරුපැදියක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී තරුණයෙක් මියගියේය.
  • මහඔය ඉන්ධන පිරවුම් හළකට රුපියල් 1000ක හොර නෝට්ටුවක් දුන් යතුරුපැදිකරුවකු පදියතලාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • වත්තලදී 79 හැවිරිදි පුද්ගලයකුගෙන් රුපියල් 330,000ක් මංකොල්ල කා පලා යමින් සිටි සැකකරුවකු ප්‍රදේශවාසීන්ගේ සහයෙන් අල්ලාගත් බව පොලිසිය කියයි.
  • තෙබුවන රන්ගල කන්දේ රක්ෂිතයක නිදන් හාරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • ගාල්ල තලාපිටියේ දී හෙරොයින් ග්‍රෑම් හතක් හා මිලි ග්‍රෑම් 630ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.