- මීගලෑවේ ගන්නගමුවේ පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි තිදෙනෙක් බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
- මීගමුවේ රතිඤ්ඤා කම්හලක පිපිරීමෙන් එහි හිමිකරු හා සේවකයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
- රන්නේ දී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයෙක් මියගියේය.
- වෙන්නප්පුවේ කුලී නිවසක කසිප්පු පෙරමින් සිටි අයකු උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත.
- ගල්කිස්ස ඥානේන්ද්‍ර පාරේ දී ත්‍රී රෝද රථයක් පෙරලී 52 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.
- මැල්සිරිපුර මිල්වාන මාර්ගයේ දී යතුරුපැදියක් නවතා තිබූ ට්‍රැක්ටරයක වැදීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

