බැලූ බැල්මට


  • බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ කහගල දී වෑන් රියක් පෙරළීමෙන් කාන්තාවක් මියගොස් හතර දෙනකු දියතලාව රෝහලට ඇතුලත්කරන ලද බව පොලිසිය කියයි.
  • හම්බන්තොට මිරිජ්ජවිල දී දර කැඩීමට කැලයට ගිය කාන්තාවක් (82) වල් අලි ප්‍රහාරයකට ලක්ව සඳුදා රාත්‍රී මියගියාය. 
  • ආණමඩුවේ මහ උස්වැව දී යතුරුපැදියක් හා ලොරියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • ඇල්පිටියේ පිටිගල දී බෑණාගේ පහරදීමෙන් 70 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 
  • බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකාරවරිය ඇතුළු කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • නවීන කාරයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු ලීට 438ක් සමග සැකකරුවන් තිදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවවට ගත් බව පොලිසිය කියයි.
  • පොතුවිල් ධාරම්පලාව රක්ෂිතයේ නිදන් සෙවීමේ යෙදී සිටි හත් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • පල්ලම විජයකටුපොත දී අනවසර මත්පැන් නිෂ්පාදනයේ යෙදී සිටි කාන්තාවක් කසිප්පු බෝතල් 50ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.