තම පියා මාස 6ක් බලු කූඩුවේ දැමී යැයි සැකපිට ඔහුගේ දියණියක වන චමරි හේවගේ (42) බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් සිනිත් විජේසේකර මහතා අද (18) නියෝග කළේය.
මුර සංචාරයේ යෙදී සිටි පොලිසිය මේ සිද්ධිය දැක සෝදිසි කිරීමේදී මහනුවර කෙන්ගල්ලේ නිවසක බලු කූඩුවක අසාධ්‍ය තත්වයේ සිටි පියා මැණික්හින්න රෝහලට ඇතුලත් කර ඇත.
බුල්ඩෝග වර්ගයට අයත් බැල්ලියක වෙනුවෙන් ඉදිකළ කූඩුවේ පියා රැඳවුවද බැල්ලිය නිවස තුළ ජීවත්ව සිටි බව කියති.







